සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

சவூதி அரேபிய இராச்சியத்தில் இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in the Kingdom of Saudi Arabia

Embassy Flag

Sri Lanka Ambassador to Saudi Arabia Explores Business Opportunities with Abha Chamber of Commerce

Content image
Content image
Content image

English

Sri Lanka Ambassador to Saudi Arabia Explores Business Opportunities with Abha Chamber of Commerce

Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia, Ameer Ajwad, held discussions with Secretary General of the Abha Chamber of Commerce, Dr. Misfer A. Al-Wadai, to explore ways of strengthening commercial and economic cooperation between Sri Lanka and the Aseer Region.

During the meeting, Ambassador Ameer Ajwad briefed the Secretary General on the growing private-sector engagement between Sri Lanka and Saudi Arabia, including the recent establishment of the Saudi–Sri Lanka Business Council. He emphasized the importance of further strengthening cooperation between the private sectors of Sri Lanka and the Aseer Region, particularly in the tourism, hospitality, industrial and human resources sectors, in view of the rapid development of the tourism industry in Aseer Region. The Ambassador further highlighted the potential for Sri Lankan expertise, products and services to contribute to the region’s expanding tourism and hospitality ecosystem.

Ambassador Ameer Ajwad also shared details of forthcoming key economic events in Sri Lanka, including the Sri Lanka Investment Forum, scheduled to be held in Colombo from 12–13 October 2026, and invited the business community of the Aseer Region to participate and explore investment opportunities available in Sri Lanka. He also extended an invitation to the Aseer business community to participate in Sri Lanka Expo 2027, scheduled to be held in Colombo from 14–17 January 2027, which will provide an important platform to showcase Sri Lankan products, services and investment opportunities. The Secretary General undertook to circulate the details among the Chamber’s membership.

The discussion also focused on opportunities for the employment of skilled and semi-skilled Sri Lankan workers in the tourism, hospitality and related sectors in the Kingdom, given Sri Lanka’s strong human resource base and the potential for mutually beneficial cooperation in this area.

The possibility of organizing a Sri Lanka–Aseer Business Forum at the Abha Chamber of Commerce was also discussed. Such a forum would provide an effective platform for strengthening business-to-business (B2B) linkages, facilitating business partnerships and exploring new avenues for trade and investment cooperation.

The meeting forms part of the Embassy’s ongoing efforts to engage with regional business communities and promote trade, investment, tourism and private-sector partnerships between Sri Lanka and the Kingdom of Saudi Arabia, while further strengthening the longstanding people-to-people and economic ties between the two countries.

Embassy of Sri Lanka
Riyadh
20 August 2026

Sinhala

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අබහා වාණිජ මණ්ඩලය සමඟ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, ශ්‍රී ලංකාව සහ අසීර් කලාපය අතර වාණිජ හා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අබහා වාණිජ මණ්ඩලයේ මහලේකම් ආචාර්ය මිස්ෆර් ඒ. අල්-වදායි මහතා හමුවිය.

මෙම හමුවේදී තානාපති අමීර් අජ්වාඩ් මහතා, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර වර්ධනය වෙමින් පවතින පෞද්ගලික අංශයේ සහයෝගීතාව පිළිබඳව මහලේකම්වරයා දැනුවත් කළ අතර, මෑතකදී ස්ථාපිත කරන ලද සෞදි–ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය පිළිබඳවද සඳහන් කළේය. විශේෂයෙන්ම අසීර් කලාපයේ සංචාරක කර්මාන්තය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බැවින්, සංචාරක, ආගන්තුක සත්කාර, කර්මාන්ත හා මානව සම්පත් යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ සහ අසීර් කලාපයේ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම තානාපතිවරයා අවධාරණය කළේය. අසීර් කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාවේ විශේෂඥ දැනුම, නිෂ්පාදන හා සේවා සැපයීමට ඇති හැකියාව පිළිබඳවද තානාපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

2026 ඔක්තෝබර් 12–13 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ආයෝජන සමුළුව (Sri Lanka Investment Forum) ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රධාන ආර්ථික වැඩසටහන් පිළිබඳ තොරතුරුද තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් බෙදාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා අසීර් කලාපයේ ව්‍යාපාරික ප්‍රජාවට එම සමුළුවට සහභාගී වන ලෙසද ආරාධනා කළේය. එමෙන්ම, 2027 ජනවාරි 14–17 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 (Sri Lanka Expo 2027) සඳහාද සහභාගී වන ලෙස අසීර් ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරන ලදී. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, සේවා සහ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා එය වැදගත් වේදිකාවක් වනු ඇත. මෙම වැඩසටහන් පිළිබඳ විස්තර වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් අතර බෙදාහරින බව මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් මානව සම්පත් පදනම සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ සංචාරක, ආගන්තුක සත්කාර හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර සඳහා පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා සැලසීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙම ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට ඇති හැකියාවද සාකච්ඡා කෙරිණි.

අබහා වාණිජ මණ්ඩලයේදී ශ්‍රී ලංකා–අසීර් ව්‍යාපාරික සංසදයක් සංවිධානය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එවැනි සංසදයක් ව්‍යාපාරිකයන් අතර ව්‍යාපාරික (B2B) සම්බන්ධතා ශක්තිමත් කිරීම, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැලසීම සහ වෙළඳ හා ආයෝජන සහයෝගීතාව සඳහා නව මාර්ග සොයා බැලීම සඳහා ඵලදායී වේදිකාවක් සපයනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කලාපීය ව්‍යාපාරික ප්‍රජාවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර වෙළඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස මෙම හමුව පැවැත්විණි. එමෙන්ම, දෙරට අතර පවතින දිගුකාලීන ජනතා හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමද මෙහි අරමුණ විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

20 අගෝස්තු 2026

Source: View the original Facebook post